Friday, February 22, 2013

නොමිළේ පරිගණක අධ්‍යාපනයට 2013 වර්ෂය සදහා පරිගණක ශිෂ්‍යත්ව 150 ක ප්‍රධානය
2013 වර්ෂය සදහා අනුරාධපුර මහ නගරසභා බල සිමාව තුල අඩු ආදායම්ලාභී සාමාඡිකයන්ගේ තොරතුරු සංනිවේදන තාක්ෂන දැනුම ඉහල නංවා ශත්තිමත් සුදුසුකම් ඇති ශ්‍රම බලකායක් මගින් නගරයේ දියුණුව ඇති කරනු පිණිස 2013 පෙබරවාරි මස 18 වන සදුදා පෙරවරු 10.00  මහ නගරසභා ශ්‍රවණාගාරයේදි සිසුන් 150 ක් සදහා පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය සිදු කෙරිණි.
එහිදී රැස්ව සිටි ශිෂයත්වලාභීන් ඇමතූ ගරු  නගරාධීපති එච් එම් සෝමදාස මැතිදුන් කියා සිටියේ මෙම හොද වැඩසටහන හිටපු ගරු නගරාධිපති කිත්සිරි කල්දේරා මැතිදුන් ගේ සංකල්පයක් වුවත් මෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාව මත වත්මන් පාලක මණ්ඩලයද කිසිදු පැකලිමකින් තොරව මෙය සදහා වෙන් කරන අරමුදල් ප්‍රමාණය වැඩිකර ඉදිරියට ගෙන යාමට තීරණය කල බවයි. සහභාගි වු සියලු මන්ත්‍රීන් අතින් සංකේතවත්ව ශිෂ්‍යත්ව ප්‍රධානයෙන් පසු සභාව ඇමතූ මහනගරසභා කොමසාරිස් සම්පත් රෝහන මහතා ශිෂ්‍යත්ව අධ්‍යාපනයේ මහගු වැදගත්කම පෙන්වා දෙන ලදි. මෙවර ශිෂ්‍යත්වලාභීන්ට පාඨමාලා 03 ක් තෝරාගැනිමේ අවස්ථාව හිමිකර දීම විශේෂ සිදුවිමකි.
ශිෂයත්ව ප්‍රධානයේදි ගත් ඡායාරූප කිහිපයක් .............







No comments: