Sunday, December 22, 2013

Final Exam of MC Nenasala Anuradhapura

 Computer training program final exam of MC Nenasala
  @ 
public libraryAnuradhapura 

Friday, December 13, 2013

2013 වර්ෂ අවසාන පරිගණක පාඨමාලා කණ්ඩායමේ විභාගය

2013 වර්ෂ අවසාන පරිගණක පාඨමාලා  කණ්ඩායමේ විභාගය 
අනුරාධපුර මහ නගර සභාවේ නැණසල මධ්‍යස්ථානයේ පරිගණක පාඨමාලාවන් හි අවසන් විභාගය 2013 දෙසැම්බර් 22 වන ඉරිදා පෙරවරු 9.00 ට අනුරාධපාර මහඡන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුතු සිදු කෙරේ 
විභාග ප්‍රෙව්ශපත් නැණසල මධ්‍යස්ථානයෙන් එදිනට පෙර ලබා ගන්න

සමාධි පෙර පාසල් වාර්ෂික විවිධප්‍රසංගය සදහා විවෘත ආරාධනා

Thursday, December 12, 2013

Now You Can Fallow @ ICTA Nenasala Kebithigollewa and MC Nenasala Anuradhapura

Intel in Education—Intel® Learn Easy Steps

Enhancing quality of life through digital literacy

නැණසල e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන

2013 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන්  විශිෂ්ටතා දැක්වූ දූ දරුවන් වෙනුවෙන් ලබා දෙන නැණසල  e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන
නැණසල  e - දිරිය පරිගණක අධ්‍යාපනික ශිෂ්‍යත්ව ගිවිසුම් පත්‍රය
01.   ශිෂ්‍ය / ශිෂ්‍යාවගේ නම      :-­­­­­­­­­­­_________________________________________________________
02.   ඉගෙනුම ලබන පාසල      :-  අ / කැබිතිගොල්ලෑව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය
03.   ඉගෙනුම ලබන ශ්‍රේණිය  :-  5 ශ්‍රේණිය
04.   ශිෂ්‍යත්වය හිමි පරිගණක පාඨමාලා          ව පිළිබද විස්තර
මෙම පරිගණක පාඨමාලාවේ මූලික අරමුණු  වනුයේ පරිගණකය ඉගෙනුම් උපකරණයක් ලෙස භාවිතයට ශිෂ්‍ය ශිෂ්‍යාවන් පෙළබවීම හා  විද්‍යූත් අධ්‍යාපනය සදහා දරුවන් යොමු කිරීම හා පරිගණක සාක්ෂරතාව ඉහල නැංවීමයි.
සහභාගිවිය යුතු දිනය හා වේලාව  නැණසල ආයතනය විසින් ඉදිරියේදි පවත්වන පළමු ආරම්භක රැස්වීමෙදි ලබා දීමට කටයුතු කරනු ඇත.
ආයතනයේ නිති රීති
01.    ශිෂ්‍යත්වලාභීන් අඛණ්ඩව පාඨමාලා සදහා සහභාගී විය යුතුය.
02.    පාඨමාලා කාලය තුල පවත්වන ඒකක පරීක්ෂණ සදහා පෙනීසිටීම අනිවාර්ය වේ.
03.    පාඨමාලාවහි ලබා දෙන පැවරුම් හා ව්‍යාපාති නියමිත දිනට භාර දිය යුතුය.
04.    අසනීප හා නොවැලැක්විය හේතුමත සහභාගි නොවේ නම් භාරකරුගේ ලිඛිතව ඉල්ලීම් කල යුතුය.
05.     නොදන්වා පාඨමාලාවට සහභාගි නොවීම ශීෂ්‍යත්වය අවලංගු වීමට හේතු වේ.
06.     ආයතනය කැදවන දෙමාපිය රැස්වීම් සදහා භාරකරුවෙකු සහභාගි වීම අනිවාර්ය වේ.
07.     නොමිළේ ලබාදෙන  පාඨමාලා ප්‍රවේශ පත්‍රය ලබා ගැන්මට ශිෂ්‍යත්ව ප්‍රදාන පත්‍රය ඉදිරිපත් කල යුතුය.
08.    පරිගණක පාඨමාලාවේ අවසානය දක්වා අඛණ්ඩව සහභාගි  වුවන්ට පමණක් සහභාගීත්ව සහතික පත් නිකුත් කරනු ලැබේ.
09.    ආයතනය තුල හෝ ඉන් බැහැර විනය විරෝධීව හා අකීකරු හැසිරිම් ශිෂ්‍යත්වය අවලංගු විමට හේතු වේ.
10.     මෙම සමස්ථ පාඨමාලාව නොමිලේ ලබා දෙන අතර අතිරේකව ලබා දෙන නිබන්දන හෝ ඉගෙනුම් උපකරණ ගාස්තු නැණසල ආයතනයට ගෙවිම හැර කිසිදු මුදලක් වෙනත් අයහට ගෙවිම තහනම්ය.
11.     මෙම සමස්ථ අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහන සදහා ණැනසල ආයතනය විශාල මුදලක් කැපකරමින් භාහිර දේශකයන්ට ගෙවන හෙයින් ඉන් ශිෂ්‍යත්වලාභියා උපරිම ලෙස ඉගෙනුම් කාර්යයේ ඵලදායි ලෙස යෙදිම අනිවාර්ය වන අතර තම දෙමාපියන් ඒ පිළිබදව නිසි නිරීක්ෂකයා ලෙස සහයෝගය දැක්විය යුතුය.
12.    පාඨමාලා කාලයහි  ආයතන පරිශ්‍රය තුල   ශිෂ්‍යත්වලාභියාගේ ආරක්ෂාවට වගකියන අතර ඉන් බැහැරව දි දෙමාපියන් තම දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය සපයා ගත යුතුය.
13.    නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය මගින් දැයේ දරුවන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගන්වන ක්‍රියාන්විතයට ශිෂ්‍යත්වලාභියා මෙන්ම දෙමාපියන් හෝ භාරකරුවන් ඉහත වගන්ති හොදින් තේරුම් ගෙන පරිපාලන කටයුතු සදහා  නිසි සහයෝගය නැණසල ආයතනයට ලබා දිය යුතුය.
14.     දෙමාපිය ධනය විශාල ලෙස ඉතිරි කර දෙමින්  අප විසින් නොමිලේ ලබා දෙන නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය නොසලකා හරිමින් හා ඊට ප්‍රමුඛතාව දි ක්‍රියා නොකරන බව සනාථ වුවහොත් ප්‍රධානය කල ශිෂ්‍යත්ව අවලංගු කිරිම සදහා ආයතන කළමණාකාරිත්වය කටයුතු කරන බව අවධාරණය කරමි.
දිනය:- 2013/11/20                                                                                                    
    ______________________
                                                                                                                                                    ව්‍යාපෘති කළමණාකරු


ඉහත ගිවිසුම් පත්‍රය හොදින් කියවා බලා ඉහත වගන්ති වලට එකගව මගේ දරුවාට නැණසල e - දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි.

භාරකරුගේ නම හා ලිපිනය  :- ...........................................................................................................................................

...........................................................................................................................................................................................

                                                                                                                භාරකරුගේ අත්සන   ...........................................

මෙම ගිවිසුම් පත්‍රය සම්පූර්ණ කර 2013/11/22 ප.ව. 5 ට පෙර නැණසලට පැමිණ භාරදිය යුතුය. 

Organize   By ICTA Nenasala
Kebithigollewa
Will be soon new computer course 
@
ICTA nenasala Kebithigollewa
MC Nenasala - Anuradhapura

Wednesday, September 4, 2013

2013 වර්ෂය සදහා නොමිළේ පරිගණක අධ්‍යාපනය ලැබූ පරිගණක ශිෂ්‍යත්වලාභීන් 150 ක හා භාහිර සිසුන් 68 ක අවසන් විභාගය


2013 වර්ෂය සදහා නොමිළේ පරිගණක අධ්‍යාපනය ලැබූ  පරිගණක ශිෂ්‍යත්වලාභීන් 150 ක  හා භාහිර සිසුන් 68 ක අවසන් විභාගය

2013 වර්ෂය සදහා අනුරාධපුර මහ නගරසභා බල සිමාව තුල අඩු ආදායම්ලාභී සාමාඡිකයන්ගේ තොරතුරු සංනිවේදන තාක්ෂන දැනුම ඉහල නංවා ශත්තිමත් සුදුසුකම් ඇති ශ්‍රම බලකායක් මගින් නගරයේ දියුණුව ඇති කරනු පිණිස 2013 පෙබරවාරි මස 18 වන සදුදා පෙරවරු 10.00  මහ නගරසභා ශ්‍රවණාගාරයේදි සිසුන් 150 ක් සදහා පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය සිදු කෙරිණි.

ඔම සිසුන් පාඨමාලාව අවසන් කරමින් අවසන් විභාගයට මුහුණ දිම මෙම මස 06 වන දින පෙරවරු 9 . 00 ට අනුරාධපුර මහඡන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේදි පැවැත්වේ
මෙම විභාග අපේක්ෂකයන්ට අදාල  ඇඩිමිසන් මෙම දිනවල නිකුත් කරනු ඇත.

දිනය                 -   2013 සැප්තැම්බර් 06 වන දින 

වේලාව             -   පෙරවරු 9 . 00  සිට පෙ ව 11.30 දක්වා

ස්ථානය            -   අනුරාධපුර මහඡන පුස්තකාල ශ්‍රවණාගාර ශාලාවේදි 

සියලු විභාග අපේක්ෂකයන්ට අපේ උණුසුම් සුබ පැතුම් ............................!

Thursday, April 25, 2013

Friday, February 22, 2013

නොමිළේ පරිගණක අධ්‍යාපනයට 2013 වර්ෂය සදහා පරිගණක ශිෂ්‍යත්ව 150 ක ප්‍රධානය
2013 වර්ෂය සදහා අනුරාධපුර මහ නගරසභා බල සිමාව තුල අඩු ආදායම්ලාභී සාමාඡිකයන්ගේ තොරතුරු සංනිවේදන තාක්ෂන දැනුම ඉහල නංවා ශත්තිමත් සුදුසුකම් ඇති ශ්‍රම බලකායක් මගින් නගරයේ දියුණුව ඇති කරනු පිණිස 2013 පෙබරවාරි මස 18 වන සදුදා පෙරවරු 10.00  මහ නගරසභා ශ්‍රවණාගාරයේදි සිසුන් 150 ක් සදහා පරිගණක ශිෂ්‍යත්ව ප්‍රධානය සිදු කෙරිණි.
එහිදී රැස්ව සිටි ශිෂයත්වලාභීන් ඇමතූ ගරු  නගරාධීපති එච් එම් සෝමදාස මැතිදුන් කියා සිටියේ මෙම හොද වැඩසටහන හිටපු ගරු නගරාධිපති කිත්සිරි කල්දේරා මැතිදුන් ගේ සංකල්පයක් වුවත් මෙහි ඇති වැදගත්කම හා අවශ්‍යතාව මත වත්මන් පාලක මණ්ඩලයද කිසිදු පැකලිමකින් තොරව මෙය සදහා වෙන් කරන අරමුදල් ප්‍රමාණය වැඩිකර ඉදිරියට ගෙන යාමට තීරණය කල බවයි. සහභාගි වු සියලු මන්ත්‍රීන් අතින් සංකේතවත්ව ශිෂ්‍යත්ව ප්‍රධානයෙන් පසු සභාව ඇමතූ මහනගරසභා කොමසාරිස් සම්පත් රෝහන මහතා ශිෂ්‍යත්ව අධ්‍යාපනයේ මහගු වැදගත්කම පෙන්වා දෙන ලදි. මෙවර ශිෂ්‍යත්වලාභීන්ට පාඨමාලා 03 ක් තෝරාගැනිමේ අවස්ථාව හිමිකර දීම විශේෂ සිදුවිමකි.
ශිෂයත්ව ප්‍රධානයේදි ගත් ඡායාරූප කිහිපයක් .............







Sunday, January 27, 2013

e - දිරිය අධ්‍යාපනික වැඩසටහනේ පළමු ඒකක පරික්ෂණය 2013/02/02 & 03

ICTA නැණසල
e - දිරිය අධ්‍යාපනික වැඩසටහනේ පළමු ඒකක පරික්ෂණය 
2013/02/02 & 03 
පරිගණක
විද්‍යාව
ගණිතය
ඉංග්‍රීසි

යන විෂයන් සදහා සහභාගිවන ඉ දිරිය දිරිය සිසු දරුවන්ගේ අධ්‍යාපනික වැඩසටහනේ පළමු ඒකක පරික්ෂණය 2013/02/02  සහ 03 යන දෙදින  අදාල පංති පැවැත්වෙන සුපුරුදු වේලාවන්හිදි පැවැත්විමට නැණසල ආයතනය සූදානමින් සිටි. 
මෙම පාඨමාලාවේ පවත්වන විභාග වල ප්‍රථිඵල තැපැල් මගින් තම නිවසට ලැබිමට සූදානම් කර ඇත.
විභාගය සදහා සියලු සිසුන් සහභාගිවිම අනිවාර්ය බව නැවත සිහිපත් කරමි.
සමත් ප්‍රථිශතය වෙත ලගා නොවන සිසුන් නැවත සිසුන් විභාග ගාස්තු ගෙවා නැවත විභාගයට පෙනිසිට සමත් මටිටමට ලගා විය යුතු අතර එසේ නොවන සිසුන් ශිෂ්‍යත්ව වැඩසටහනට සුදුසුකම් නොලැබේ.