Thursday, December 13, 2012

නැණසල e-දිරිය ශීෂ්‍යත්ව වැඩසටහන 2013

නැණසල e-දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2013


කැබිතිගොල්ලැව නැණසල මධ්‍යස්ථානය මගින් හ සමාධි උසස් අධ්‍යාපන ආයතන ය එක්ව 2012 වර්ෂයේ අවසාන වාර පරික්ෂණයට මුහුණ දුන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ තෝරා ගත් පාසල් 07 ක  දක්ෂ දරු දැරියන් අතරින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සෑම පංතියකම පළමු ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය ලැබූවන්  වෙත 
තොරතුරු තාක්ෂණය( පරිගණක පාඨමාලා )
 ඉංග්‍රීසි ,
 විද්‍යාව,
 ගණිතය
 යන විෂය දැනුමෙන් සවිබල ගන්වන නොමිලේ ලබා දෙන ශිෂයත්ව ලබා දිමේ උත්සවය 2012/12/13 වන දින පෙරවරු 10.00 පැයට කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විය. 

ඒසදහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ  ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිළධාරිනී, නැණසල ආයතනයේ ව්‍යාපෘති කළමණාකරු වන එස් පි එම් දිලිප් කුමාර යන මහත්ම මහත්මින් සමග දේශක තාරක මහතාද සහභාගි විය.

මෙහිදී ශිෂ්‍යත්වලාභීන් ඇමතූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ප්‍රාදේශීය ලේකම් විසින් තොරතුරු තාක්ෂණය ඉගෙනුමේ වැදගත්කම හා නැණසල ආයතනය මගින් ප්‍රධානය කල ශිෂ්‍යත්ව වැඩසටහන අගය කරන ලදි.

මෙහිදී ශිෂ්‍යත්වලාභීන් 150 කට අධික සිසු සිසුවියන් වෙත ශිෂයත්ව හිමිකම් සහතික පිරිනමන ලදි. 

ශිෂ්‍යත්ව හිමිකම් සහතික ප්‍රධානයේ ඡායාරූප කිහිපයක් .....................















No comments: