Thursday, December 27, 2012

kebithigollewa කුරිරු යුද්ධය අවසන් කරන්නට දිරි දිමට දිවි දන් දුන් අපේ අභිමාණවත් වැසියෝ

ලේ පිපාසිත මෙලේච්ච ලාංකික දමිල එල්.ටි.ටි.ඊ කුරිරු යුද්ධය අවසන් කරන්නට දිරි දිමට දිවි දන් දුන් අපේ අභිමාණවත් වැසියෝ නිසා අද නිවහල්ව ඡීවත් වන සියල්ලෝම දිවිදුන් සැමට පිං පැමිණුවීම සිදු කල යුතු නොවේද....................?
2006 පූනි 15 පෙරවරුවේ පුපුරුවා වු බස් රථ ඉලක්කගත බෝම්බයෙන් අසරණ වූවන් ගේ මතකය අලු යට සැගවුණු ගිණි පුපුරු සේ අපේ මතකය දුකට බයට පත් වන්නේ නිමේෂයෙනි................
මෙම වීඩියෝව බලන්න උපුටා ගැනීමකි හිමිකරුවන් ට නිර්මාණයට කෘතවේදි වෙමි.

Annual concert 2011 - Samadhi pre school

Annual concert 2011 - Samadhi pre school, Kebithigollewa
 @ main hall of kebithigollewa M.M.V


Annual Concert 2011- Samadhi Pre school

Annual Concert 2011 - Samadhi Pre school, Kebithigollewa
 at main hall of A/ kebithigollewa M.M.V

Wednesday, December 19, 2012

e දිරිය ශිෂ්‍යත්ව ප්‍රෙව්ශ පත්‍ර
දිරිය දරු දැර්යන් සදහා පූර්ණ ශිෂ්‍යත්ව සදහා සහභාගි වීමේ ප්‍රෙව්ශ පත්‍ර නිකුත්කිරිම ඇරබුණා
මෙමගින් ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි,පරිගණක යන විෂයයන් හතරම නොමිලේ හැදෑරීමේ අවස්ථාව උදා වේ.

Thursday, December 13, 2012

නැණසල e-දිරිය 2013 Time Table

නැණසල e-දිරිය  2013 Time Table


නැණසල e-දිරිය ශීෂ්‍යත්ව වැඩසටහන 2013

නැණසල e-දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2013


කැබිතිගොල්ලැව නැණසල මධ්‍යස්ථානය මගින් හ සමාධි උසස් අධ්‍යාපන ආයතන ය එක්ව 2012 වර්ෂයේ අවසාන වාර පරික්ෂණයට මුහුණ දුන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ තෝරා ගත් පාසල් 07 ක  දක්ෂ දරු දැරියන් අතරින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සෑම පංතියකම පළමු ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය ලැබූවන්  වෙත 
තොරතුරු තාක්ෂණය( පරිගණක පාඨමාලා )
 ඉංග්‍රීසි ,
 විද්‍යාව,
 ගණිතය
 යන විෂය දැනුමෙන් සවිබල ගන්වන නොමිලේ ලබා දෙන ශිෂයත්ව ලබා දිමේ උත්සවය 2012/12/13 වන දින පෙරවරු 10.00 පැයට කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විය. 

ඒසදහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ  ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිළධාරිනී, නැණසල ආයතනයේ ව්‍යාපෘති කළමණාකරු වන එස් පි එම් දිලිප් කුමාර යන මහත්ම මහත්මින් සමග දේශක තාරක මහතාද සහභාගි විය.

මෙහිදී ශිෂ්‍යත්වලාභීන් ඇමතූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ප්‍රාදේශීය ලේකම් විසින් තොරතුරු තාක්ෂණය ඉගෙනුමේ වැදගත්කම හා නැණසල ආයතනය මගින් ප්‍රධානය කල ශිෂ්‍යත්ව වැඩසටහන අගය කරන ලදි.

මෙහිදී ශිෂ්‍යත්වලාභීන් 150 කට අධික සිසු සිසුවියන් වෙත ශිෂයත්ව හිමිකම් සහතික පිරිනමන ලදි. 

ශිෂ්‍යත්ව හිමිකම් සහතික ප්‍රධානයේ ඡායාරූප කිහිපයක් .....................