Thursday, December 27, 2012

kebithigollewa කුරිරු යුද්ධය අවසන් කරන්නට දිරි දිමට දිවි දන් දුන් අපේ අභිමාණවත් වැසියෝ

ලේ පිපාසිත මෙලේච්ච ලාංකික දමිල එල්.ටි.ටි.ඊ කුරිරු යුද්ධය අවසන් කරන්නට දිරි දිමට දිවි දන් දුන් අපේ අභිමාණවත් වැසියෝ නිසා අද නිවහල්ව ඡීවත් වන සියල්ලෝම දිවිදුන් සැමට පිං පැමිණුවීම සිදු කල යුතු නොවේද....................?
2006 පූනි 15 පෙරවරුවේ පුපුරුවා වු බස් රථ ඉලක්කගත බෝම්බයෙන් අසරණ වූවන් ගේ මතකය අලු යට සැගවුණු ගිණි පුපුරු සේ අපේ මතකය දුකට බයට පත් වන්නේ නිමේෂයෙනි................
මෙම වීඩියෝව බලන්න උපුටා ගැනීමකි හිමිකරුවන් ට නිර්මාණයට කෘතවේදි වෙමි.

Annual concert 2011 - Samadhi pre school

Annual concert 2011 - Samadhi pre school, Kebithigollewa
 @ main hall of kebithigollewa M.M.V


Annual Concert 2011- Samadhi Pre school

Annual Concert 2011 - Samadhi Pre school, Kebithigollewa
 at main hall of A/ kebithigollewa M.M.V

Wednesday, December 19, 2012

e දිරිය ශිෂ්‍යත්ව ප්‍රෙව්ශ පත්‍ර
දිරිය දරු දැර්යන් සදහා පූර්ණ ශිෂ්‍යත්ව සදහා සහභාගි වීමේ ප්‍රෙව්ශ පත්‍ර නිකුත්කිරිම ඇරබුණා
මෙමගින් ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි,පරිගණක යන විෂයයන් හතරම නොමිලේ හැදෑරීමේ අවස්ථාව උදා වේ.

Thursday, December 13, 2012

නැණසල e-දිරිය 2013 Time Table

නැණසල e-දිරිය  2013 Time Table


නැණසල e-දිරිය ශීෂ්‍යත්ව වැඩසටහන 2013

නැණසල e-දිරිය අධ්‍යාපනික ශිෂ්‍යත්ව 2013


කැබිතිගොල්ලැව නැණසල මධ්‍යස්ථානය මගින් හ සමාධි උසස් අධ්‍යාපන ආයතන ය එක්ව 2012 වර්ෂයේ අවසාන වාර පරික්ෂණයට මුහුණ දුන් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කොට්ඨාශයේ තෝරා ගත් පාසල් 07 ක  දක්ෂ දරු දැරියන් අතරින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සෑම පංතියකම පළමු ස්ථානය, දෙවන ස්ථානය, තෙවන ස්ථානය ලැබූවන්  වෙත 
තොරතුරු තාක්ෂණය( පරිගණක පාඨමාලා )
 ඉංග්‍රීසි ,
 විද්‍යාව,
 ගණිතය
 යන විෂය දැනුමෙන් සවිබල ගන්වන නොමිලේ ලබා දෙන ශිෂයත්ව ලබා දිමේ උත්සවය 2012/12/13 වන දින පෙරවරු 10.00 පැයට කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ශ්‍රවණාගාරයේදි පැවැත්විය. 

ඒසදහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ  ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිළධාරිනී, නැණසල ආයතනයේ ව්‍යාපෘති කළමණාකරු වන එස් පි එම් දිලිප් කුමාර යන මහත්ම මහත්මින් සමග දේශක තාරක මහතාද සහභාගි විය.

මෙහිදී ශිෂ්‍යත්වලාභීන් ඇමතූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යයාලයේ ප්‍රාදේශීය ලේකම් විසින් තොරතුරු තාක්ෂණය ඉගෙනුමේ වැදගත්කම හා නැණසල ආයතනය මගින් ප්‍රධානය කල ශිෂ්‍යත්ව වැඩසටහන අගය කරන ලදි.

මෙහිදී ශිෂ්‍යත්වලාභීන් 150 කට අධික සිසු සිසුවියන් වෙත ශිෂයත්ව හිමිකම් සහතික පිරිනමන ලදි. 

ශිෂ්‍යත්ව හිමිකම් සහතික ප්‍රධානයේ ඡායාරූප කිහිපයක් .....................















Saturday, October 6, 2012

Computer Hardware & software 2 Days workshop @ icta nenasala kebithigollewa


Computer Hardware & software 2 Days workshop @ icta nenasala kebithigollewa

2012.10.29 හා 2012.10.30 යන දෙදින කැබිතිගොල්ලෑව icta nenasala මධ්‍යෂ්තානයේ පවත්වන  Computer Hardware & software 2 Days workshop සදහා රු.2000.00 බැගින් අයකරන අතර  ලියාපදිංචි වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් 12 දෙනකු පමණක් සහභාගි කර මෙම වැඩමුලුව පැවැත්වේ.
 අනෙකුත් ලියාපදිංචි වු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියේ පවත්වන පහත සදහන් දිනවලට සහභාගි කර ගන්නා අතර කැමති දින 2 ක් තෝරාගෙන ආයතනයේ පාඨමාලා සම්බන්ධීකරණ නිළධාරී ඩිලාන් ඉනෝක මහතාව දැනුවත් කර අදාල කන්ඩායමේ ලියාපදිංචි විය යුතු වේ



නැවත Computer Hardware & software 2 Days workshop පවත්වන දිනයන්
02 කණ්ඩායම 2012.11.08 හා 09 යන දෙදින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා නැණසල කැබිතිගොල්ලෑව
03 කණ්ඩායම 2011.11.15 හා 16 යන දෙදින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා
04 කණ්ඩායම 2011.11.22 හා 23 යන දෙදින පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා නැණසල අනුරාධපුර

2012 අපොස උසස් පෙළෙන් පසු පරිගණක පාඨමාලා


2012 අපොස උසස් පෙළෙන් පසු  පරිගණක පාඨමාලා හැදෑරීමට ඔබට අවස්ථාව සලසා ඇත. මෙම පාඨමාලා සදහා අයදුම්කරුවන්ට අවැසි වැඩි විස්තර  සදහා 025 22236326  අමතන්න

ICTA Nenasala - 2012 වර්ෂයේ පළමු සිසු කණ්ඩායමේ පරිගණක පුහුණු වැඩසටහනේ අවසන් විභාගය

2012 වර්ෂයේ පළමු සිසු කණ්ඩායමේ පරිගණක පුහුණු වැඩසටහනේ අවසන් විභාගය 2012 ඡූනී මස 15 දින අනුරාධපුර මහඡන පුස්තකාල ගොඩනැගිල්ලේ පළමු මහලේ හා දෙවන මහලේ දී පැවැත්වීමට සුදානම් කර ඇත.

2011 වර්ෂයේ තෙවන පරිගණක පුහුණුලාභීන් ගේ සහතික පත් ප්‍රධානය හා විසිර යාම

2011 වර්ෂයේ තෙවන පරිගණක පුහුණුලාභීන් ගේ සහතික පත් ප්‍රධානය හා විසිර යාම

වර්ෂ 2011 වු නොවැම්බර් මස 18 වනි දින පෙ.ව. 9.30 ආරම්භවු අනුරාධපුර මහනගර සභාවේ මහඡන පුස්තකාල නැනසල මගින් පැවැත් වු පරිගණක පුහුණු පාඨමාලා සාර්ථකව නිම කල සිසුන් 64 දෙනකු හට සහතික පත් ප්‍රධානය ගරු නගරාධිපති සෝමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හා නි.නගරාධිපති හෙට්ටිආරච්චි මහතා හා නගරසභා මන්ර්‍ත්‍රී දුෂන්ත මහතා හා රැටියල මන්ත්‍රී ඇතුලු නාගරික කොමසාරිස් තුමා සමගින් නගරසභා නිළධාරි මඩුල්ල නියෝඡනය වෙමින් සාර්ථකව පවත්වන ලදි.

එම අවස්ථාවේදි මෙම වැඩමුලවේ නිර්මාතෘ හිටපු නගරාධිපති කිත්සිරි කල්දේරා මහතා සිහිපත් කරමින් නව නගරාධිපති කරනලද කථාව කාගෙත් සිත් ගන්නා ලදි.
ජනාධිපති මහින්ද රාඡපක්ෂ මැතිදුන්ගේ 66 වනි ඡන්ම දින වු අද දින එතුමන්ගේ සංකල්පයකින් බිහිවු නැණසල මගින් පුහුණු ලාභීන් හට සහතික පත් පුධානය කිරිමට ලැබිම සතුටක් බව නගරාධිපති තුමාගේ කතාව ඉතා කෘතවේදිත්වය පෙන්නුම් කරන ලදි.
මෙම පුහුණු පාඨමාලාවේ ව්‍යාපෘති කළමණාකරු විසින් මෙම විභාගයෙන් වැඩිම ලකුණු ගත් 15 දෙනකු හට වෙනත් පාඨමාලාවක් හැදෑරීමට තව ශිෂ්‍යත්ව අවස්තාවක් දෙන ලෙස කල ඉල්ලීම නගරාධිපති විසින් ලබා දිමට කැමැත්ත පල කල කථාව සිසු දරුදැරියන්ගේ මහත් සතුටට පත්විය.
2012 වර්ෂයට ශිධ්‍යත්ව 150 ක් ලබා දීමට අනුමතව ඇත.

එම සුභ මොහොතේ ගත් ජායාරූප කිහිපයක් ......................






2011 වර්ෂයේ තෙවන කණ්ඩායම් පරිගණක පරීක්ෂණය

2011 වර්ෂයේ තෙවන කණ්ඩායම් පරිගණක පරීක්ෂණය 2011.10.28

2011 වර්ෂයේ තෙවන කණ්ඩායම් පරිගණක පුහුණු පාඨමාලා අවසන් පරීක්ෂණය 2011.10.28

අනුරාධපුර මහ නගර සභාවේ නැණසල මධ්‍යස්ථානය මගින් පවත්වන පරිගණක පුහුණු පාඨමාලාවේ 2011 තෙවන කණ්ඩායමේ පරිගණක පාඨමාලාව අවසන් ඇගයිම් සදහා පවත්වන විභාගය 2011.10.28 දින පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා පැවැත් වූ අතර ළමුන් 76 දෙනකු එයට සහභාගිවන ලදි.

විභාගයේ පෙනී සිටි සිසුන් පිරිසකගේ ඡායාරූප කිපයක්





ICTA Nenasala Anuradhapura - පරිගණක ශිෂ්යඑත්ව වැඩසටහනේ දෙවන කණ්ඩායමේ අවසන් විභාගය

2011.08.14 දින පරිගණක ශිෂ්යඑත්ව වැඩසටහනේ දෙවන කණ්ඩායමේ අවසන් විභාගය පැවැත්විය.


පරිගණක ශිෂ්යඑත්ව වැඩසටහනේ දෙවන කණ්ඩායමේ අවසන් විභාගය පැවැත්වීම සම්බන්දව

නැනසල මහ නගර සභාව අනුරාධපුර අප ආයතනයේ පරිගණක පුහුණුව ලැබූ පාඨමාලාභීන් පුහුණුව අවසන් ඇති දෙවන කන්ඩායමේ අවසන් ඇගයීම සදහා පවත්වන විභාගය අධියර දෙකකින් පැවැත්වීමට සිදු වී ඇති හෙයින් එහි පළමු අධියර සදහා විභාගය 2011.08.14 දින මහඡන පුස්තාලයේ පහත මහලේ ශාලා අංක 01 දි ශාලාධිපති බාලපටබැදි මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදි.

දිනය - 2011.08.14
වෙලාව - පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.30 දක්වා
විභාග මධ්‍යස්ථානය - මහඡන පුස්තාලයේ පහත මහලේ ශාලා අංක 01

පවත්වන අතර
දෙවන අධියර ඉදිරියේ දී විභාග අපේක්සකයින්ට දැනුවත් කරන බව දන්වමි.

2011 වර්ෂයේ තෙවන පරිගණක පුහුණුලාභීන් ගේ සහතික පත් ප්‍රධානය හා විසිර යාම

2011 වර්ෂයේ තෙවන පරිගණක පුහුණුලාභීන් ගේ සහතික පත් ප්‍රධානය හා විසිර යාම







අනුරාධපුර මහඡන පුස්තකාල නැණසල මධ්‍යස්ථානයේ දි අනුරාධපුර නගර සීමාව තුල අඩු ආදායම් ලාභී පවුල්වල දරැවන් තොරතුරැ තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා දියත් කල පරිගණක ශිෂයත්ව වැඩසටහනේ හා බාහිර පරිගණක පාඨමාලා සම්පුර්ණ කල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික පත් ප්‍රධානය උත්සවයහි ආරම්භක මොහොතේ එහි කළමනාකරු පහන් වැටිය දල්වන මොහොත